fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වික්ටෝරියා රක්ෂිතයෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 12:50

වික්ටෝරියා රක්ෂිතයෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය

වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට තලාතුඔය පොලීසිය සමත් වී තිබෙනවා.

පොලීසිය විසින් මහනුවර හඟුරන්කෙත ප්‍රධාන මාර්ගයේ 16 කණුව අසල තිබී 40mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිර වීමට යොදා ගන්නා බෝම්බයක්, LMG වර්ගයේ උණ්ඩ නවයක්, 50mm වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩයක්, ජීව අත්බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

තලාතුඔය පොලීසිය වැඩිදුරටත් පැවසුවේ කලකට පෙර කිසියම් පුද්ගලයෙක් විසින් මෙම ස්ථානයට පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් දමා ඇති බවයි.

පොලීසිය විසින් අඹකොටේ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කැඳවා පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්