fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරියාවේ රැකියා ගැන කොරියා කම්කරු ඇමතිගෙන් සුබ ආරංචියක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 12:05

කොරියාවේ රැකියා ගැන කොරියා කම්කරු ඇමතිගෙන් සුබ ආරංචියක්

මෙරට පුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කර ඇතැයි එරට කම්කරු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

භාෂා දැනුම ඇති පුහුණු ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා හිමිවන බව කොරියා කම්කරු අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මෙරට සංචාරයක නිරත කොරියාවේ කම්කරු අමාත්‍ය ලී ජුන්ග්සික් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේ.

සෞඛ්‍ය , කෘෂිකර්ම, අධ්‍යාපන සහ තොරතුරු තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ලැබෙන සහායට හා කොරියාවේ වැඩි රැකියා ප්‍රමාණයක් මෙරට ශ්‍රමිකයන්ට ලබාදීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ස්තූතිය පළකලා.

මේ අතර කොරියාවේ රැකියා බලා පිටත්වීම නියමිත තවත් පිරිසකට සාර්ථකව භාෂා පුහුණුව ලබාදීම සිදු කෙරුණා.

එම පිරිසට සහතික පත් ප්‍රදානය කිරීම බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ගනේපොල හා උප සභාපති අජිත් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි සිදු කෙරුණේ.

කොරියාවේ පළාත් පාලන ආයතනයක් සමඟ සම්බන්ධ වෙමින් දිවයිනේ තරුණ තරුණියන් 800 දෙනෙකුට එරට රැකියා ලබාදීම ව්‍යාපෘතිය යටතේ සිදුවනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්