fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකියි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2023 09:07

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකියි

ලිබියාවේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව විසිදහසක් විය හැකි බවට ඊයේ ප්‍රකාශ කළද එම සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

ලිබියාවේ ඩර්නා නගරයෙන් පිටත වේලි දෙකක් කැඩී යාමෙන් දහස් ගණනකට ජීවිත අහිමි වුණා.

තම ඇස් ඉදිරියේ ආදරණීයයන් ජලයේ ගසාගෙන යාම ඉවසිය නොහැකි කරුණක් බව දිවි ගලවා ගත් අය පවසනවා.

තවත් අය පවසන්නේ ගංවතුර භූමි කම්පාවක් මෙන් දැණුනු බවයි.

දිවි බේරා ගත් අය සුන්බුන් අසල ගැවසෙමින් තම ආදරණීයයන් පිළිබඳ මතකයන් අවදි කරන ආකාරය ඉතා ශෝකජනක බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

තමන් අස්සක් මුල්ලක් නෑරම දැන සිටි නගරයම විනාශ වී ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2023 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්