ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොරියාවේ තවත් ක්ෂේත්‍ර රැසකින් රැකියා ලබාගැනීමට අවස්ථාව හිමි වී තිබෙනවා.
ඒ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍යවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.
අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ආරාධනාවකට අනුවයි කොරියානු කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජන්සික් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන්තොටුපලේදී කොරියානු අමාත්‍යවරයා පිලිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ කොරියානු කම්කරු හා රැකියා අමාත්‍යවරයා අතර නිල සාකච්ඡාව අද අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
වසර 20 කට පසුව කොරියාවේ ඊ.පී.එස් ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සළකා බැලීමක් සිදු කරන බව මෙහිදී කොරියානු අමාත්‍යවරයා දැනුම් දුන්නා.
ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
ඇගලුම් සාත්තු සේවක වැනි ක්ෂේත්රවලින් ද ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා විවෘත කර දෙන ලෙසයි මෙහිදී නානායක්කාර මහතා ඉල්ලා සිටියේ.