මෙක්සිකෝවේ දී ප්‍රදර්ශනයට තැබූ පිටසක්වල ජිවීන්ගේ බවට සැලකෙන සිරුරු දෙක පිළිබඳ තවදුරටත් විමර්ශන සඳහා නාසා බලධාරීන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
අඟහරුවාදා දිනයේ දී පිටසක්වල ජිවීන්ගේ බවට සැලකිය හැකි මෙම සිරුරු ප්‍රදර්ශනයට තබා තිබුණේ මෙක්සිකෝවේ සැන් ලසාරෝ මන්දිරයේයි.
2017 වසරේ දී ඒවා පේරු රාජ්‍යයේදී සොයා ගැණුනා.
කාබන් කාල නිර්ණයට අනුව මේවා වසර දහසක් පමණ පැරණි වන අතර එම සිරුරු දෙකේ අත්වල ඇගිලි තුන බැගින් පිහිටා තිබෙනවා.
දිගැටි හිස්වලින් යුතු සිරුරු එක්ස්කිරණ , ත්‍රිමාන සංස්කරණ හා ඩී එන් ඒ විශ්ලේෂණවලට ද භාජනය කර ඇති අතර මිනිස් සිරුර හා කිසිසේත් සබඳකම් නොදක්වන බවට හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් නාසා ආයතනය මේ පිළිබඳ සිදුකරන අධ්‍යයනය පිළිබඳ අද සාකච්ඡා කෙරෙනු ඇති.