කසළ තේ තොගයක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලවකැලේ ආගරපතන ප්රදේශයේ පෞද්ගලික තේ නිෂ්පාදන ආයතනයක ගබඩා කර තිබු කසළ තේ කිලෝ ග්රෑම් 1500ක් අස්ථාන ගත වී ඇති බවට ආගරපතන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදීයි අදාළ කසළ තේ තොගය සොරකම් කළ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුයේ.
කසළ තේ තොගය සමග අදාළ කම්හලේ ආරක්ෂිත නිලධාරීන් දෙදෙනෙකු , අධීක්ෂණ නිලධාරියෙකු , කම්කරුවන් දෙදෙනෙකු , එම තේ ප්රවාහන කළ ලොරියේ අයිතකරු සහ රියදුරුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ගුණාත්මක තේ ලෙස පවසා අලෙවි කිරීම සඳහා මෙම තේ කොළ තොගය සොරකම් කළ බවයි හෙළිව තිබෙන්නේ.
ගම්පොළ බූවැල්ල ප්රදේශයෙන් පැමිණි ලොරි රථයකට කසළ තේ තොගය පටවා ඇති බවත් තේ තොගය රැගෙන ගිය ස්ථානය හෙළි කරගෙන ඇති බවත් පොලිසිය පවසනවා.
සැකකරුවන් සහ ලොරිය නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදරිපත් කිරීමට නියමිතයි.