Ocean Explorer නෞකාව මගීන් 206 ක් ද සමඟින් ගිලෙමින් පවතින බව විදෙස්මාධ්‍ය වාර්තා කරනවා.
ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදු කලාපයේ එය ගමන් කරමින් තිබුණා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ සුඛෝපභෝගී නෞකාවක් වන මෙය මගීන් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් ද සමඟ අනතුරට පත්ව ඇති බවයි.
ඔවුන් බේරාගැනීම සඳහා තවත් නෞකාවක් පිටත් කර හැර තිබෙනවා.
එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විටත් Ocean Explorer නෞකාව වෙත එයට ළඟා වීමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් නෞකාවක හිමි සමාගම පවසන්නේ විපතට පත් වූවන් බේරාගැනීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බවයි.