හැටන්- කොළඹ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් 4 කට තුවාල

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2023 05:25

හැටන්- කොළඹ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් 4 කට තුවාල

හැටන්- කොළඹ මාර්ගයේ අවිස්සාවේල්ල කිරිමණ්ඩල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් හා යතුරු පැදියක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් සිව් දෙනකු  තුවාල ලබා තිබෙනවා.

ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකූ හා යතුරු පැදියේ ගමන් කරමින් සිටි අයකු මෙසේ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කෙරුණා.

මෙම අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී පැවැති අතර, මේ වනවිට මාර්ගයේ එක් මංත්‍රීරුවක් රථ වාහන ගමනාගමනය සදහා විවෘත කොට තැබීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2023 05:25