fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2023 17:23

ලංකා බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුව විසින් සිය ගනුදෙනුකාරභවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය සඳහන් වන්නේ ඔබට යම් ආකාරයකින් ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සඳහා ඔබගේ කාඩ්පත් විස්තර, 0TP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුලත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව  ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ ගිණුම්/ කාඩ්පත්/රහස්‍ය අංක ඇතුලත් කිරීමෙන් වළකින ලෙස ලංකා බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2023 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්