fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රු.34,600කට වෙන්දේසි වූ කිඹුලා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2023 11:25

රු.34,600කට වෙන්දේසි වූ කිඹුලා

දඹුල්ල ජවය තරුණ සංවිධානය පැවැත් වූ සල්පිල් වෙන්දේසියකදී කිඹුලා බනිස් ගෙඩියක් රුපියල් තිස් හතර දහස් හයසීයක මුදලකට ලබාගැනීමට විදේශිකයන් පිරිසක් ක්‍රියා කළා.

දින තුනක් පුරා පැවැත් වූ නාට්‍ය සංදර්ශනයකට සමගාමීවයි මෙම සල්පිල් වෙන්දේසිය  පැවැත් වුණේ.

දඹුල්ල පොහොරන් වැව ප්‍රදේශයේ  පැවති වෙන්දේසියට විදේශිකයින් පිරිසක් ද එක් වුණා.

වෙන්දේසියේදී කිඹුලා බනිස් ගෙඩිය වෙන්දේසි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ජර්මනි ජාතිකයන් පිරිසක් එය මිලදී ගැනීමට ඉදිරිපත් වුණා.

ඒ අනුව මිල වැඩිකරමින් ගොස් රුපියල් 34,600 ක මුදලකට ඔවුන් එය ලබා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2023 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්