යුද්ධයේදී මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය දැනටමත් අවශ්‍ය විදි විධාන සළසා තිබෙනවා.
දැනට පවතින විදි විදාන අනුව ආබාධ තත්ත්වයට පත් වූ හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹීමට පෙර මිය ගියහොත් එම වැන්දඹුව වෙත වැටුප් හා දීමනා හිමිකරදීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් මගින් තහවුරු කළ යුතු වනවා.
එහෙත් ජීවිතාන්තය දක්වා අදාළ දීමනා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා දැනටමත් කටයුතු යොදා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් ඉදිරියේදී විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් උපරිම වශයෙන් ක්‍රියා කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/TN2VEiLA-Qc”]