වැඩ බලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කෙරේ
Related Articles
වැඩ බලන අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ හතරක රාජකාරි සිදු කිරීම සඳහායි මෙසේ වැඩ බලන අමාත්‍යවරුන් පත් කර ඇත්තේ.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.
ඊට අමතරව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩ බලන තාක්ෂණ සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා වැඩ බලන කාන්තා ළමා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.