දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන් වාර 37ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව යුද හමුදාව යෙදවීමටද පියවර ගෙන තිබෙනවා.
මේ අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති බැවින් වර්ජනය අත්හැර සේවයට වාර්තා කරන ලෙසයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයට එක්ව සිටින දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් ඉංජිනේරුවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
අද දිනයේ ගමන් වාර 52 ක් ක්‍රියාත්මක වූ අතර දුම්රිය ගමන්වාර 37 ක් අවලංගු කළ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රවාහන එච් ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ.
මේ අතර කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාවද යොදවා තිබෙනවා.
පොලිසියේ සහායට මෙසේ යුද හමුදාව යෙද වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කිරීමට රජය කටයුතු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Ty7GKwT8pbM”]