fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති විජයදාස සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අතර හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2023 06:47

ඇමති විජයදාස සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනී Miyon Lee මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ  (12) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

දෙරට අතර සුහදත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැති අතර KOICA ව්‍යාපෘති ආධාර යටතේ අධිකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා කොරියානු රජය ලබා දෙන සහයෝගය අගය කළ අමාත්‍යතුමා , විශේෂයෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා රසායනාගර පහසුකම් ලබාදීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් වෙනුවෙන් පුහුණුවීම් ලබාදීම පිළිබදව කොරියානු රජයට ස්තූතිය පළ කළා.

ආර්ථික අර්බුදයෙන් අත් මිදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක තම රටෙහි සහයෝගය ලබා දෙන බවත්, තානාපතිනිය මෙහිදී සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2023 06:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්