රජයේ පවතින නීතිරීතිවලට අනුගත වෙමින් සාර්ථකත්වයක් පෙන්වු රාජ්‍ය ආයතනයක් ලෙස කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමට කෝප් කමිටුවෙන් ප්‍රශංසා ලැබී තිබෙනවා.
2021 / 2022 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධන පරීක්ෂා කිරිමේ දී කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගම 2022 වසරේ දී රුපියල් බිලියන දෙකක වාර්තා ගත ආදායමක් ලබා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාහපතීත්වයෙන් යුත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගම පසුගිය දා කැඳවා තිබුණා.
එහිදී කෝප් සභාපතිවරයාගේ ඇගයීමට ලක්වුණා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ සභාපති අමින්ද රොද්‍රිගෝ යන මහත්වරුන් ද කෝප් කමිටුවට කැඳවා තිබුණා.
සමාගමේ වැඩිම ආදායම වු රුපියල් බිලියන දෙකක් සහ බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 214ක ලාභයක් ද වාර්තා කිරීමට සමත්වු බවයි මෙහිදි අදහස් දැක්වු සමාගමේ සභාපති අමින්ද රොද්‍රිගෝ මහතා කියා සිටියේ.
මාතර / ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්ත ශාලා හතරක් සමාගම සතුව පවතිනවා.
දළු ලබා ගැනීම ඇතුලු අභියෝග ගණනාවකට මුහුණ දුන් සමාගම ඒවා සාර්ථකව ජය ගෙන තිබෙනවා.