ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අද නියෝගයන් නිකුත් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
ඒ අනුව පෙත්සම සලකා බලන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර නොගන්නා ලෙසත් මෙම නියෝගයේ සඳහන්.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධන කළ යුතු ආකාරය වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ සඳහන් කර ඇති බවයි.
මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ලබන 27 වනදාට පෙර ගොනු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු වගඋත්තකරුවන්ට නියෝග කළ අධිකරණය ඊට අදාළ ප්‍රති විරෝධතා තිබේ නම් ඔක්තෝබර් 12 වනදාට පෙර ගොනු කරන ලෙස ද දැනුම් දුන්නා.