fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මල්වතු ඔය හා යාන්ඔය ව්‍යාපෘති මගින් කරන්න යන දේ

hasiniek
By hasiniek සැප්තැම්බර් 11, 2023 16:21

මල්වතු ඔය හා යාන්ඔය ව්‍යාපෘති මගින් කරන්න යන දේ

මල්වතු ඔය හා යාන්ඔය ව්‍යාපෘති මඟින් ජාතික විදුලිබල පද්ධතියට හා කෘෂිකර්මාන්තයට නව ශක්තියක් එක්කළ හැකි බව අවධාරණය කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා චීන ආයෝජිකයින් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදීයි.

යාන්ඔය ජලාශයට සූර්ය පැනල සවිකිරීමට මෙන්ම මෙගා වොට් 100ක විදුලිය නිපදවීමට යෝජිත මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවිකිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කර තිබුණා.

යාන්ඔය වේල්ල ඉදිකල චීන ආයෝජිකයින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා.

මෙහිදි චීන ආයෝජකයින් කණ්ඩායම පැවසුවේ යාන්ඔය ජලාශයේ පාවෙන සුර්ය පැනල සවි කිරීමෙන් මෙගා සූර්ය බලශක්ති වේදිකාවක් ලෙස එය භාවිත කළ හැකි බවයි.

එමගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලි උත්පාදනය කරමින් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද උපයා ගත හැකි බව ද ඔවුන් පෙන්වා දුන්නා.

එම සූර්ය පැනල පද්ධතියෙන් මෙගා වොට් 50ක විදුලිය ජනනය කර හැකි අතර ජලාශයේ කටයුතු නිම කිරීමෙන් පසු තවත් මෙගා වොට් 50ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිමේ හැකියාව පවතිනවා.

මල්වතු ඔය කුඩා ජල විදුලි පද්ධතියෙන් මෙගා වොට් 1.6ක විදුලියක් ජනනය කෙරෙනු ඇති.

මෙම ව්‍යාපෘතියෙන් අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ඉඩම් හෙක්ටාර් 22000කට වාරි ජලය සැපයීමේ පහසුකම් ද පවතිනවා.

 

hasiniek
By hasiniek සැප්තැම්බර් 11, 2023 16:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්