fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් කැඳවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2023 11:25

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් කැඳවයි

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයඳුම්පත් භාර ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. අයඳුම්පත් භාර ගන්නා අවසන් දිනය ඔක්තෝබර් 11 වනදායි.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීමේ අරමුණින් ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙනවා. වසර 3ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති,  පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණ හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියුතු මාධ්‍යවේදීන්ට මේ සදහා ඉල්ලුම් කළ හැකියි. වයස අවුරුදු 18ත් 55ත් අතර මාධ්‍යවේදීන්,  නිදහස් මාධ්‍යවේදීන්,  ප්‍රාදේශීය මාධ්‍යවේදීන්,  වෙබ් මාධ්‍යවේදීන් හා මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ට ද මේ සදහා අයදුම් කළ හැකිවනවා.

ඉල්ලුම් කරන පාඨමාලාව සෘජුවම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් විය යුතුයි. එසේම අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් 2013 වසර සදහා නිකුත් කළ මාධ්‍යවේදී හැදුනුම්පත ලබා තිබීම ද අවශ්‍ය වනවා. ඇසිදිසි ශිෂ්‍යත්ව ප්‍රතිලාභ දෙවරක් ලබාගත හැකියි. ඒ පළමු ප්‍රදානයෙන් වසර 5ක් ඉක්ම ගිය පසුවයි. උපාධි හා පාශ්චාත් උපාධි පාඨමාලා සදහා උපරිම ලෙස රුපියල් ලක්ෂ දෙකක මුදලක් පිරිනැමෙනවා.

දිගු කාලීන හා කෙටි කාලීන සහතික පත්‍ර පාඨමාලා සදහා උපරිමය රුපියල් ලක්ෂයක් බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඇසිදිසි ශිෂ්‍යත්ව සදහා අයදුම්පත් ඔක්තෝබර් 11 හෝ එදිනට පෙර අධ්‍යක්ෂ මාධ්‍ය,  ජනමාධ්‍ය අමාත්‍යාංශය අංක 163 ඇසිදිසි මැදුර කිරුළපන මාවත පොල්හේන්ගොඩ කොළඹ 5 ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවිය යුතුයි.

0112513645 සහ 0112514632 අකංවලින් වැඩි විස්තර ලබා ගත හැකියි. ආදර්ශ අයදුම්පත් ඩබ්ලියු ඩබ්ලියු ඩබ්ලියු ඩොට් මිඩියා ඩොට් ජි ඕ වි ඩොට් එල්කේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2023 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්