වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඉන්දු – පකිස්තාන තරගය අද පස්වරු තුනට යළි ආරම්භ කිරීමට නියමිතයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ ඊයේ ආරම්භ වූ ඉන්දු – පකිස්තාන තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්තාන නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිත් ශර්මා හා ශුග්මන් ගිල් සමත් වුණා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට රැස් කළ ලකුණු සංඛ්‍යාව 121ක්. රෝහිත් ශර්මා ලකුණු 56ක් හා ශුග්මන් ගිල් ලකුණු 58ක් රැස් කළා.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි එක් පන්දුවකට මුහුණ දී සිටියදී වර්ෂාව ඇද හැලීමෙන් තරගය තාවකාලිකව අත්හටවනු ලැබුවා. ඒ වන විට ඔවුන් කඩුළු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147ක්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට දිගින් දිගට ඇදහැලුන වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.
ඒ අනුව තරගය අද පස්වරු 3ට යළි ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ වුවද අද දිනයේද පවත්නා අයහපත් කාලගුණයේ බලපෑම තරගයට එල්ලවීමේ වැඩි ඉඩකඩක් පවතින බව ක්‍රිඩා විචාරකයින් පෙන්වා දෙනවා.