ලෝක සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා. ක්‍රියාත්මකවීම තුළින් අපේක්ෂාවක් ඇතිකරමු යන තේමාවෙන් මෙවර එය සමරනු ලැබුවා.
මෙරට සියදිවි හානිකර ගැනීමේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. ඔවුන්ගේ වාර්තාවලට අනුව වාර්ෂිකව මෙරට සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව තුන්දහසක්. දිනකට එය 8ක් හෝ 9ක් ලෙස වාර්තා වනවා. එක් සියදිවි හානිකර ගැනීමක් වාර්තාවනවිට තවත් 20 දෙනෙකු ඒ සදහා උත්සාහ කර ඇති බවයි පර්යේෂණ දත්ත තහවුරු කරන්නේ.
පසුගිය වසරේ දී පුද්ගලයින් 3,406 දෙනෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. ඒ ආර්ථික දුෂ්කරතා, මත්ද්‍රව්‍ය භාවිතය, නිධන්ගත හා මානසික රෝග හා ගෘහස්ථ ප්රචණ්ඩත්වය පදනම් කර ගනිමින්.
මෙම පසුබිම හමුවේ අදට යෙදී ඇති ලෝක සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් සුමිත්‍ර යෝ සංවිධානය දැනුවත් කිරීමේ පාගමනක් සංවිධානකර තිබුණා. බැනර් සහ අත් පත්‍රිකා ලබාදෙමින් ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වුණා.