fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

G20 සමුළුවේ දී ලෝක නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිල වශයෙන් සම්මත කරයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 16:19

G20 සමුළුවේ දී ලෝක නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිල වශයෙන් සම්මත කරයි

ඉන්දියාවේ දී ආරම්භ වූ ජී20 සමුළුවේ දී ලෝක නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිල වශයෙන් සම්මත කර තිබෙනවා.

ඉන්දියාවේ දිල්ලි අගනුවරදී ඊයේ ආරම්භ වූ ජී20 සමුළුවේ දෙවන හා අවසන් දිනය අදයි. කෙසේ වුවද ලෝක නායකයින් සම්මත කළ ඒකාබද්ද ප්‍රකාශය සම්බන්ධයෙන් යුක්රේනය තම කනස්සල්ල පළ කරනවා. රුසියා යුද මෙහෙයුම් විවේචනය නොකිරීම හා රුසියාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් එහි සදහන් නොවීම ඊට හේතුවයි. මෙවර සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පින්ග් හා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගි වූයේ නැහැ. ජී 20 සමුළුව දකුණු ආසියාවේදී පැවැත්වුණේ පළමු වරටයි.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන රටවල රාජ්‍ය නායකයන් සමුළුවට එක්වුණා. දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දිළිදු රටවල ණය ප්‍රතිව්‍යූගත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබද මෙහිදී අවදානය යොමුකෙරුණා. සමුළුව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව,  භාරත් යනුවෙන් හදුන්වාදීම දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

ලබන වසරේ සමුළුව පැවැත්වීමට නියමිත බ්‍රසීලය වෙත සභාපතිත්වය පිරිනැමීම ද අද සිදුකෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්