fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලාගාරයන් තුළ චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා වසරේ වැඩි ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 16:10

කලාගාරයන් තුළ චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා වසරේ වැඩි ඉඩක් ලබාදීමට වැඩපිළිවෙලක්

ඉතිහාස ගවේෂකයකු, චිත්‍ර ශිල්පියකු වන ප්‍රසන්න වීරක්කොඩි, ප්‍රකට චිත්‍ර සහ මූර්ති ශිල්පී ලලිත් සේනානායක සහ පාරිසරික චිත්‍ර ශිල්පී ලෙස්ටර් පෙරේරා යන ප්‍රවීණයන් විසින් දෙවැනි වරට පවත්වන අන්සීන් කලර්ස් 2 (Unseen Colors 2) චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය කොළඹ 07 ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැවැත් වෙනවා.

ඉතිහාසය මෙන්ම අතීත ශ්‍රී උරුමයන්,ශ්‍රී ලාංකේය සංස්කෘතිය ඉතා සියුම්වූත් සහ අලංකාරව පර්යේෂණාත්මක හැදෑරීම් තුළින් කැන්වසයෙහි ඉඩක් නොතියාම ප්‍රතිනිර්මාණය කිරීමට සමත් ප්‍රසන්න වීරක්කොඩි මහතා මේ වන විට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද ගෞරවයට පත්‍ර වූ චිත්‍ර ශිල්පීයෙක්.

අතිශය සියුම් රේඛාමය හැඩයකට පක්ෂි ලෝකය චිත්‍රණය කිරීමට සමත් ලෙස්ටර් පෙරේරා මහතා ඔහුගේ සිතුවම් කලාවට පක්ෂි ජීවන දර්ශනයන් එක් කරමින් තම තෙළි තුඩට පණ පොවන අතර ඔහු ද මේ වන විට විවිධ තලයන්හි ඇගයිමට පාත්‍ර වූ දක්ෂ සිත්තරෙක්.

අන්සීන් කලර්ස් 2 ප්‍රදර්ශනයෙහි විවිධ හැඩ රටාවන් හසුරවමින් ඉවතලන අබලි ද්‍රව්‍යයන්ට ජීවය දෙමින් වෙනස්ම වූ කලා කෘතින් එක් කළ ලලිත් සේනානායකගේ මූර්ති හැඩයන් ද මේ වන විට ජගත් තලයේ ඇගයුමට ලක් වී හමාරයි.

මෙම සුවිශේෂී සිත්තරුන්ගේ කලා හැකියාවන් නැරඹීම සඳහා ආරක්ෂක ලේකම් ජනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහත්වරු සහ දෙස් විදෙස් රසික පිරිසක් මෙම අවස්ථාවට එක්වූණා.

සෞන්දර්ය, කලාව නැති තැන මනුස්සකම උපදින්නේ නැහැ.කලාව පිළිබඳව නව මංපෙත් විවර කිරීමට අසමත් වූවහොත් අනාගතයේ දී දක්ෂ කලාකරුවන් අපිට අහිමි වෙනවා.ඒ නිසාම අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන කලාගාරයන් තුළ චිත්‍ර ප්‍රදර්ශනයන් සඳහා වසරේ වැඩ ඉඩක් ලබා දීමට වැඩපිළිවෙලක් ඉක්මනින් ආරම්භ කරනවා යැයි ද අමාත්‍ය විදුර වික්‍රමනායක එහිදී සඳහන් කළා.

Unseen Colors 2 චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය කොළඹ 07 ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී සැප්තැම්බර් 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 16:10

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්