දුම්රිය මාර්ග විදුලි සීනු සංඥා අක්‍රීය වී ඇති බවට පළවූ පුවත්පත් වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බව දුම්රිය විදුලි සංඥා ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා අවධාරණය කරනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබෙනවා.
2022 වසරේ විගනන වාර්තාවක් දක්වමින් මෙම වසරේ සවිකරන ලද දුම්රිය මාර්ග විදුලි සීනු සංඥා අක්‍රීය වී ඇති බවට පුවත්පත් වාර්තාවක් පළකර තිබුණා. මෙම වසරේ දී දුම්රිය මාර්ග විදුලි සීනු සංඥා කිසිවක් සවිකර නැති බවයි විදුලි සංඥා ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා පවසන්නේ. එම විදුලි සීනු සංඥා සවිකිරීම ආරම්භ කෙරුණේ 2013 වසරේදී බවත් 2019 වසර දක්වා වරින් වර එම කටයුතු සිදුවූ බවත් දුම්රිය විදුලි සංඥා ප්‍රධාන ඉංජිනේරුවරයා පෙන්වා දෙනවා. අදාළ පුවත්පත් වාර්තාවට යොදාගෙන තිබුණේ 2022 වසරේ දත්ත අයත් වාර්තාවක් වන අතර වර්තමාන තත්ත්වය එය නොවන බවත් පෙන්වා දෙන දුම්රිය විදුලි සංඥා ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා දුම්රිය හරස් මාර්ග සියල්ල ආරක්ෂිත බවත් කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවත් අවධාරණය කරනවා.