fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොටගල ප්‍රාදේශීය රෝහල පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 12:56

කොටගල ප්‍රාදේශීය රෝහල පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

ග්‍රාම සංවර්ධන සතියට සමගාමීව මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් කොටගල ප්‍රාදේශීය රෝහල සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද දින සිදු කෙරුණා.

ග්‍රාම සංවර්ධනය අවැසි මොහොතක අවැසි තැනට යන තේමා යටතේ මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුව ග්‍රාම සංවර්ධන සමිති සමඟ එක්ව වැඩසටහනක් ගණනාවක් දියත් කර ඇති අතර , එම වැඩසටහන්වලට සමාගාමීවයි කොටගල ග්‍රාම සංවර්ධන සමිතියේ සහය ඇතිව කොටගල ප්‍රාදේශීය රෝහල සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහන සිදු වුණේ.

මෙම සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනේදී රෝහලේ අබලන් වී තිබු මෘත ශරීරාගාරය අලුත්වැඩියා කිරීම , රෝගීන් රැගෙන එන වාහන ගාල් කිරීම, රථ වාහන අංගනයක් සකස් කිරීම , රෝහල් පරිශ්‍රය සුද්ද පවිත්‍ර කිරීම , රෝගීන් අවශ්‍ය උණු ජලය ලබාගැනීම සඳහා බොයිලේරු පරිත්‍යාග කිරීමක්ද මෙයට සමගාරීව සිදු කෙරුණා.

කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් , හෙදියන් , කොටගල ග්‍රාම සංවර්ධන සමිතියේ සමාජිකයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්