ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් පිරිසක් මෙරට ආදිවාසීන් හමුවුණා.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම මෙම හමුවේ අරමුණයි.
ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලය මෙම හමුව සංවිධානකර තිබුණා.
දෙරටේ ආදිවාසීන් හමුවුණේ දඹාන ආදිවාසී ගම්මානයේදීයි.
ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් හමුවූ ඕස්ට්‍රේලියානු ආදිවාසී ආර්ථික සංවර්ධන කණ්ඩායම සුහද හමුවක් ද පැවැත්වූවා.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා වන ආදිවාසී ආර්ථික සංවර්ධන මූල්‍ය අධ්යක්ෂ සරා ස්ටුවර්ට් මහත්මිය දෙරට අතර ජනතාවගේ එකමුතුවේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කළා.
ආදිවාසී ජනතාවගේ අභාවයට යන සංස්කෘතිකාංග ගොඩනැගීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/dj4_e5wZhkQ”]