මව විදෙස්ගතවීම හා පියා සිරගත වීම හේතුවෙන් අසරණ භාවයට පත්වූ ගිරිබාව ප්‍රදේශයේ දරුවත් තුන්දෙනාගේ හිතට සහනක් ගෙන දෙමින් එම මව යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණා.
ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීම මතයි.
ගිරිබාව පොතානේගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වාසනා ප්‍රනාන්දු නමැති මෙම මව දරුවන් තිදෙනා තම මවට භාරදී කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගියේ මීට මාසයකුත් දින 10කට පෙරාතුවයි.
කටුමැටි ගැසූ නිවසක මෙම දරුවන් අනාරක්ෂිතව දිවි ගෙවන බව මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ වාසනාගේ මවද මෙම දරුවන් අතහැර ගොස් තිබූ පසුබිමකයි.
දරුවන්ගේ පියාද සිරගතව ඇති බැවින් මෙය තවත් ඛේදවාචකයක් බව මාධ්‍ය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.
මේ පිළිබඳ අවධානය යොමුකල අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එම මව හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකා කුවේට් තානාපති කාර්යාලය හා එක්ව එම නිලධාරීන් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයට උපදෙස් ලබා දුන්නේ මෙම මව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසයි.
එම ක්‍රියාමාර්ගවලින් පසු එම මව අද පෙරවරු 7 ට පැමිණ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ළඟා වුණා.
ඇය ගිරිබාව නිවස වෙත රැගෙන යාමටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/g1hNI0EnQsc”]