fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව දෙදහස ඉක්මවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 09:18

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව දෙදහස ඉක්මවයි

මොරොක්කෝවට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් පරිමාණ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් තවත් පුද්ගලයින් 1,500ට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව  එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71 ක් දුරින් හයි ඇට්ලස් කදුකරයේ කිලෝමීටර් 18.5 ක් ගැඹුරින් මෙම භූ කම්පනය ඇති වූ බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

භූ කම්පනය එරට වේලාවෙන්  රාත්‍රී 11.11ට ඇති වුණා.

පළමු භූ කම්පනයෙන් මිනිත්තු 19 කට පසු තවත් පසු කම්පනයක් ඇතිව තිබෙනවා.

භූකම්පනය හේතුවෙන් මොරොක්කෝවේ 6වන මොහොමඩ් රජු දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2023 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්