fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 16:48

විදේශ ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක්

පසුගිය මාසයේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මේ අතර  පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සංඛ්‍යාලේඛන මගින්  පෙන්වා දෙනවා.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 3,862.7ක් වන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ. එම ප්‍රමාණය 2022 වර්ෂයේ එම කාලයට සාපේක්ෂ ව සියයට 74.4ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවා පෙන්වා දෙනවා.

මේ අතර මේ වසරේ මුල් මාස අට තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 904 318 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය සංඛ්‍යාලේඛන මගින්  පෙන්වා දෙනවා. 2022 වසරේ දී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් ගණන  719 978ක් පමණක් බවද එහි සදහන්. මේ වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින්  පැමිණ ඇත්තේ පසුගිය ජුලි මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 143 039ක්. පසුගිය මාසයේදී සංචාරකයින් 136 405 ක් මෙරටට පැමිණ ඇති අතර ගිය වසරේ එම කාල සීමාවේදි මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 37 760 ක් පමණයි. ඒ අනුව පසුගිය වසරේ පළමු මාස  අටට සාපේක්ෂව මේ වසරේ ගතවු සෑම මසකදීම සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 16:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්