fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කපා කොටා ඝාතන කරන්නා ලෙස ප්‍රසිද්ධියට පත් ‘කන්නයියා’ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 15:15

කපා කොටා ඝාතන කරන්නා ලෙස ප්‍රසිද්ධියට පත් ‘කන්නයියා’ අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් වන නිපුණ සහ චාමරගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘කන්නයියා’ නැමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ටී 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගල්කටස්  වර්ගයේ ගිනි අවියක් සහ හෙරොයින් ග්‍රෑම් 31යි  මිලිග්‍රෑම් 100ක් සමඟ සැකකරු ඊයේ (08) අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ කොළඹ 14, මහවත්ත පාර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, සැකකරු 18 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනා 03ක් සහ තියුණු ආයුධවලින් තුවල සිදුකිරීම් චෝදනා 5ක් ඇතුලුව සිද්ධීන් 8කට මොහුට එරෙහිව චෝදනා එල්ලවනවා.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්පාස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්