fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 11:41

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද

ආසියා කුසලාන එක්දින ක්‍රිකට් තරගාලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරග ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී අද පැවැත් වෙනවා.

බංග්ලාදේශයට එරෙහිවයි දිවා රාත්‍රී තරගයක් ලෙසයි තරගය පැවැත්වෙන්නේ.

බංග්ලාදේශය සහභාගී වන්නේ සුපිරි 4 වටයේ දෙවන තරගයටයි.

ඔවුන් සහභාගී වූ පළමු තරගය පකිස්ථාන හමුවේ පරාජයට පත් වුණා.

තරගාවලියේ මූලක වටයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරගයෙන් පරාජයට පත් වුණේ  බංග්ලාදේශයයි.

ඒ කඩුළු 05 කින්.

තරගාවලියේ ඉතිරි තරග පැවැත් වෙන ආර් ප්‍රේමදාස  ක්‍රීඩාංගනය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර  තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2023 11:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්