ජී 20 සමුළුව ඉන්දියාවේදී අද පැවැත්වෙනවා.
ඉන්දියාවේ නවදිල්ලියේ භාරත් මණ්ඩප්හි දීයි එය පැවැත්වෙන්නේ.
රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පිං නොමැතිව මෙවර ජී 20 සමුළුව පැවැත්වීම විශේෂත්වයක්.
එමෙන්ම දකුණු ආසියාවේදී මෙම සමුළුව පැවැත්වෙන්නේ පළමු වරටයි.
ඊට සහභාගී වීම සඳහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, යන රටවල රාජ්‍ය නායකයන් මේ වනවිටත් ඉන්දියාවට පැමිණ සිටිනවා.
දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දිළිඳු රටවල ණය ප්‍රතිව්‍යූගත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.