fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා, පකිස්තාන සහ බංග්ලදේශ ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2023 10:15

ශ්‍රී ලංකා, පකිස්තාන සහ බංග්ලදේශ ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශුරතා තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා සහභාගිවීමට ක්‍රිකට් කණ්ඩායම් 03ක් පකිස්තානයේ සිට එකම ගුවන් යානයකින් ඊයේ (07) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙලෙස පැමිණියේ ශ්‍රි ලංකා, පකිස්තාන සහ බංග්ලදේශ ක්‍රිකට් කණ්ඩායම්.

ඔවුන් පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1212 දරන ගුවන් යානයෙන් ඊයේ (07)  පස්වරු 04.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කණ්ඩායම් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , මෙම ක්‍රීඩකයින් වෙනුවෙන් ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2023 10:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්