බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතියක්
Related Articles
කොළඹ ජලය හා වැව් පිරිසිදුව තබා ගැනීමට නම් කොළඹ මහ නගර සභාව සතු පරිසරය අපවිත්‍ර කිරීම වැළැක්වීමේ විශාල නීතිමය බලය භාවිත කළ යුතු යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ජපානයේ නවීන තාක්ෂණය යොදා ගනිමින් බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය ආරම්භ කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකාව හා ජපානය අතර ඇති අනෝන්‍ය මිත්‍රත්වය මත ජපානය ලබා සිටින දියුණුවේ දැනුම ශ්‍රී ලංකාවේ දියුණුවටද දායක කරන්නට එක් වී තිබෙනවා. එය ඉතා වැදගත් බවයි ගුණවර්ධන මහතා කියා සිටියේ.
ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද ජපානයේ නියෝජිතයින්ද ආචාර්ය ආශු මාරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්වුණා.