fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන වසරේ නව විශ්වවිද්‍යාලයක්

hasiniek
By hasiniek සැප්තැම්බර් 7, 2023 21:32

ලබන වසරේ නව විශ්වවිද්‍යාලයක්

ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවන ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඉදිරි වසර තුළ මෙරට සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර බිහි කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කර අවසන් අතර ඉදිරි සතියේදී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේ ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

hasiniek
By hasiniek සැප්තැම්බර් 7, 2023 21:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්