fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ අපනයන ප්‍රමාණය පහත වැටෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2023 15:31

චීනයේ අපනයන ප්‍රමාණය පහත වැටෙයි

චීනයේ අපනයන ප්‍රමාණය පහත වැටී තිබෙනවා.

පසුගිය මාසයට සාපේක්ෂව එය 8.8%ක අඩුවීමක්.

අඛණ්ඩව 4වන මාසයටයි චීනයේ අපනයන මෙසේ පහත වැටී ඇත්තේ.

පසුගිය අගෝස්තු මාසයේ දී ද අපනයන පසුබෑමකට ලක්ව තිබෙනවා.

දේශීයව හා විදේශීයව ඇති ඉල්ලුම අඩුවීම මීට ප්‍රධානතම හේතුවයි. චීනය මුහුණ දුන් කොරෝනා වසංගතය වැනි අභියෝගවල බලපෑම ද මීට හේතු වී තිබෙනවා.

2006 වසරට සාපේක්ෂව චීනයේ අඩුම ආනයන සිදුකළ කාලසීමාව වන්නේ ද මෙයයි.

ආනයන ප්‍රමාණය 7.3%කින් මේ වන විට පහත වැටී තිබෙනවා.

ගෝලීයව චීන ආනයන ප්‍රතිශතය 14.6%ක්.

එහි වැඩිම අගය 2018 වසරේ දී වාර්තා වු අතර 21.8%ක අගයක් ගත්තා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2023 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්