චීන මහා ප්රාකාරයට හානි සිදු කිරීම හේතුවෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
චීනයේ ෂැංෂි ප්රාන්තයේ චීන මහා ප්රාකාරයට අයත් කොටසකට හානි සිදුකරමින් පසුගිය 24 වන දින අත්අඩංගුවට ගත් පුද්ගලයින් මාර්ගයක් ගොඩනගා තිබෙනවා.
ඔවුන් දෙදෙනා ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයින් වන අතර ඔවුන්ගේ වැඩ බිමට ගමන් කිරීමට කෙටි මාර්ගයක් නිර්මාණය කිරීම සඳහායි මෙලෙස චීන මහා ප්රාකාරයට හානි සිදු කර ඇත්තේ.
ක්රිස්තු පූර්ව තුන්වන සියවසේදී පමණ චීන මහා ප්රාකාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර සියවස් ගණනාවක් එහි ඉදිකිරීම් සිදු කෙරුණා.
දැනට එහි ඉතිරිවී ඇති කොටස් යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙසයි නම්කර ඇත්තේ.