රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ අසූපන්දහසක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සොයා ගෙන තිබෙනවා.
ඇමෙරිකාව,එක්සත් රාජධානිය හා කැනඩාව යන රටවලින් මෙරට ව්‍යාජ ලිපින කිහිපයකට ගුවන් තැපැල් ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය ඒවා තිබෙනවා.
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇතහැර දමන ලද පාර්සල් තුළ තිබි මර්ජුවානා හා කෘතිම මත්ද්‍රව්‍ය පෙති තොගයක් මෙසේ සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සදහන් කළේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ඉදිරිපිට දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් මෙම පාර්සල් විවෘත කිරීම සිදුකළා.
මර්ජුවානා කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 406ක් හා මත්ද්‍රව්‍ය පෙති තොගයක් එහිදි සොයා ගැනුනා.