විටමින් C ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට
Related Articles
විටමින් C ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
ඔහු කියා සිටියේ විටමින් C ඖෂධය ගර්භනී මව්වරුන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන ඖෂධයක් බවත් මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් C ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් බවත් ය.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ තොරතුරු ඔස්සේ මෙලෙස එම ඖෂධය මෙරට ජනතාව සඳහා ලබාදීමට පියවර ගැනෙනු ඇති.
එමෙන්ම එම ඖෂධය මෙරට ජනතාව අතර බහුලව භාවිතයට ගැනෙන ඖෂධයක් වනාව.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට අනුව මෙම ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.