බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළට
Related Articles
බ්‍රිතාන්‍යයේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය මෙම සතිය තුළ දී සෙල්සියස් අංශක 32ක් තරම් ඉහළ අගයක් ගනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.
උෂ්ණත්වය ඉහළ යාමත් සමග හටගත හැකි රෝගා බාධයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
වයස් ගත / කුඩා හා රෝගා බාධයන් සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනවා.
ඊයේ දිනයේ දී ද එරට ඇතැම් ප්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ දී ද බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගියා.