fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුඩානයේ ගැටුම් 20කගේ ජීවිත බිලි ගනී

hasiniek
By hasiniek සැප්තැම්බර් 5, 2023 16:01

සුඩානයේ ගැටුම් 20කගේ ජීවිත බිලි ගනී

සුඩානයේ කාහ්ටුම් නගරයේ හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

සුඩාන ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයන්ගෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මිය ගිය පිරිස අතරට කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුලත්.

කාහ්ටුම් නගරයේ බටහිර ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සුඩාන හමුදාව කාලතුවක්කු හා රොකට් ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ද සඳහන්.

සුඩාන හමුදාව හා හමුදාවේ වෙන්වී ගිය පිරිසක් අතර පසුගිය අප්‍රේල් මාසයේ දී ගැටුම් ආරම්භ වු අතර ගැටුම් හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 1200කට ආසන්න බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ගැටුම් හේතුවෙන් මිලියන දෙකකට අධික පිරිසක් රටතුළ අවතැන්ව සිටින බව ද ජගත් සංවිධානය පවසනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 5, 2023 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්