ත්රිකුණාමලය ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු සමඟ ඩිංගි යාත්රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 20 ත් 60 ත් අතර වයසේ පසුවන ත්රීකුණාමලය, චීන වරාය සහ නිලාවේලි යන ප්රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.
තවද, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් දොළොස් දෙනා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොඩ්බේ, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්රා දෙකඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.