fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධිත රටක් හදන්න ජනතාවගේ චින්තනයට කරන්න ඕනේ දේ

hasiniek
By hasiniek සැප්තැම්බර් 4, 2023 16:17

සංවර්ධිත රටක් හදන්න ජනතාවගේ චින්තනයට කරන්න ඕනේ දේ

සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට ජනතාවගේ චින්තනය ද ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවිය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

ව්‍යවහාරික පොලිස් අධ්‍යයන උපාධි පාඨමාලාවේ සමාරම්භයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

පොලිස් නිලධාරීන්ගේ වෘත්තිය දැනුම හා කුසලතා වර්ධනය කිරිමේ අරමුණින් වසර 3ක පාඨමාලාවක් ලෙස ව්‍යවහාරික පොලිස් අධ්‍යයන උපාධි පාඨමාලාව ක්‍රියාත්මකයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුලු පිරිස් මෙහි ආරම්භක අවස්ථාවට එක්වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පාඨමාලාව මෙහෙය වන අතර පළමු කණ්ඩායම සදහා පොලිස් නිලධාරීන් 150 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

 

 

hasiniek
By hasiniek සැප්තැම්බර් 4, 2023 16:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්