අධික වර්ෂාව හේතුවෙන් ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසකට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් ස්පාඤ්ඤයට නිකුත් කර තිබෙන අතර Madrid, Toledo සහ Cádiz ප්‍රදේශවලට රතු කාලගුණ අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ
මෙම වර්ෂාපතනය හේතුවෙන් මැඩ්රිඩ් හි පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා ඇති බවයි නගරාධිපතිවරයා පවසන්නේ.
පසුගිය පැය 24 තුළ වර්ග මීටරයකට ලීටර් 215 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති ඊසානදිග ඇල්කනාර්, ටැරගෝනා නගරයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ජනතාවට උපදෙස් දී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා