fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඥානසාර හිමි ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව ලබන 11 වනදා යළි කැඳවීමට නියෝග

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2023 11:44

ඥානසාර හිමි ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව ලබන 11 වනදා යළි කැඳවීමට නියෝග

බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 11 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.

ජාතික බල සේනා සංවිධානය පැවැත්වු මාධ්‍ය හමුවකට බලපෑම් කිරීම,  කුරානයට හා ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ මාධ්‍යයට පළ කිරීම සම්බන්ධයෙන් ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුලු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

එම නඩුව කැඳවු අවස්ථාවේ ඥානසාර ස්වාමින් වහන්සේ ඇතුලු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අනුව නඩුව ලබන 11 වනදා යළි කැදවීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2023 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්