බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය හා තහනම් පිහියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට
Related Articles
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය හා තහනම් පිහියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කර්ය බලකා නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) දින ගාල්ල පොලිස් වසමේ උඩුවක, ගිංතොට ප්‍රදේශයේදි වැටලීමක් සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව වෝටර්ජෙල් කිලෝ 01 යි ග්‍රෑම් 400 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 10 ක්, අගල් 9½ දිග සේවා නූල් 01 ක් හා තහනම් පිහියක් සන්තකයේ තබාගෙන සිටි ගිංතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.