ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දෙස් – විදෙස් සංචාරක ආකර්ෂණයට නතුවන අකාරයට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
එමෙන්ම රජය ඉතා ශක්තිමත්ව අදාළ ඉලක්ක කරා ගමන්කරමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට
සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන සංවිධානය කරතිබූණි.
එහිදී ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 51 දෙනෙකුට රුපියල් මිලියන 18.25 ක් වටිනා නිවාස ණය ප්රදානය කිරීම සහ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස යෝජනා ක්‍රම 15ක් ආවරණයවන පරිදි ප්‍රතිලාභීන් 110 දෙනෙකුට සින්නක්කර හිමිකම් ඔප්පු ප්රදානය කිරීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එහිදී අමාත්‍යවරය මෙසේද පැවසීය,
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එදා ආරම්භ කළේ සැමට නිවසක් ලබා දීම අරමුණු කර ගනිමින්. මෙම ආයතනය හරහා විශාල වැඩපිළිවෙලක් රට පුරා ක්‍රියාත්මක වුණා. අවාසනාවකට කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය පැමිණියා. ඒ නිසා බලාපොරොත්තු වුණු ඉලක්ක වෙත යන්න බැරි වුණා. පවතින සීමිත සම්පත් යොදාගෙන ජනතාවට උපරිම සේවයක් කරන්න අද මෙම ආයතනය සමත් වෙලා තිබෙනවා.
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේවන විට නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඒ සදහා එතුමා මේ පළාතට පැමිණ පෞද්ගලිකවම සොයා බලා නගර සංවර්ධනය කිරීම පිළිබදව අපිට උපදෙස් ලබා දුන්නා. නාගරික සංවර්ධන අධිකාරියට මම උපදෙස් දුන්නේ නගර සංවර්ධන සැලසුම් සකස් කරන විට ජාතික වැඩපිළිවෙල සමග එය සිදු වෙන්න අවශ්‍යයි කියලයි.
නැගෙනහිර පළාත විදෙස් ආකර්ශනය ඇතිවන ලෙස සංවර්ධනය කරන්න අවශ්‍ය පසුබිම මේවනවිට සකස් කරමින් සිටිනවා. ඒ වගේම රජයේ ඉඩම්වල ජීවත් වන සියලුම දෙනාට ඉඩම් බලපත්‍ර ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. අපි ඒ සදහා අවශ්‍ය කටයුතුත් මේවනවිට සිදු කරමින් සිටිනවා. අද රජය ශක්තිමත්ව එම කටයුතු සිදු කරමින් පවතිනවා. අදාල ඉලක්ක කරා අපි ගමන් කරනවා.