දිවයිනේ දිස්ත්රික්ක 4ක් සඳහා නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස විස්සක් සඳහා නායයාම් පිළිබඳව පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් කර තිබෙනවා.
මේ අතර රත්නපුර, ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ අවදානම් නිවේදන ද නිකුත් කර තිබෙනවා.