අධික වර්ෂාවත් සමඟ ඇති වු අකුණු අනතුරුවලින් ඉන්දියාවේ පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඔඩීෂා ප්‍රාන්තයේ මෙම මරණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මිය ගිය පිරිසට අමතරව තවත් තුන් දෙනෙකු ද අකුණු සැර වැදී තුවාල ලබා තිබෙනවා. ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින සුළි කුණාටුව හේතුවෙන් ඔඩීෂා ප්‍රාන්තයට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.