වැලිගම කුරුදුවත්ත ප්රදේශයේ සංචාරක නිකේතනයක නතර වී සිටි විදේශිකයෙකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහර දී එම කාමරයට ගිනි තබා තිබෙනවා. එම විදේශකයා ද ගින්නට පැණීම හේතුවෙන් ඔහු පිළිස්සුම් තුවාල ලැබුවා.
ඊජිප්තු ජාතිකයෙකු වන මෙම පුද්ගලයා වසර 3ක පමණ කාලයක් සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිට තිබෙනවා. මසක පමණ කාලයක සිට සංචාරක නිකේතනයට ගෙවිය යුතු මුදල් ඔහු විසින් පැහැර හැර ඇති බවටයි පොලිසිය පවසන්නේ. ඒ සම්න්ධයෙන් විදේශිකයා හා නිවාඩු නිකේතනයේ හිමිකරු අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් එහිදී උරණ වු සංචාරකයා නිවාඩු නිකේතනයේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවටත් හෙළි වී තිබෙනවා. අනතුරුව ඔහු කාමරයට ගිනිතබා එම ගින්නට පැන ඇති බවටයි පොලිසිය පවසන්නේ. පසුව වැලිගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සංචාරකයා බේරා ගෙන රෝහල් ගත කෙරුණා. පොලිස් ආරක්ෂාව යටතේ ඔහු මේ වන විටත් ප්රතිකාර ලබමින් සිටිනවා.
සිද්ධිය සිදුවන අවස්ථාව වන විටත් විදේශිකයන් කිහිපදෙනෙකු මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි අතර ඔවුන්ට කිසිදු හානියක් නොමැති බවයි පොලිසිය පැවසුවේ. ගින්නෙන් සංචාරක නිකේතනයේ ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුව තිබෙනවා.