උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.
එසේම මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
එසේ වෙනස් කිරීමක් සිදුවුවහොත් යළිත් වරක් ලබන වසරේ විභාග කල් දැමීමට සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යයරයා වැඩිදුරටත් සඳහන් කළේ.